චීනයේ කොවිඩ් පාලන ප්‍රතිපත්ති අඛණ්ඩව
2022-11-10 20:18:54
Share with:

කොවිඩ් වසංගත පාලන ප්‍රතිපත්ති ලිහිල් නොකරන බව චීනය පවසයි. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුව අද (10) රැස්වීමක් පැවැත්වීය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමේදී කොවිඩ් වසංගත පාලනය කෙරෙහි අවධානය ‍‍යොමු විය. දැනට රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය එහිදී සාකච්ඡාවට ලක් කෙරිණ. 

කොවිඩ් වසංගතය රටේ විවිධ ප්‍රදේශවලින් විටින් විට වාර්තා වේ. අධික ජනගහණයක් සිටින රටක් වශයෙන් චීනයේ විවිධ ප්‍රදේශ අතර පවතින ආර්ථික වර්ධන විෂමතා සලකා බලා වසංගත පාලනය කිසි ලෙසකින් ලිහිල් නොකළ යුතු ය. ජනතාවගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දෙමින් වසංගත පාලනය උපරිමයෙන් පවත්වාගෙන යා යුතු ය. කොවිඩ් වසංගතය මැඩපැවැත්වීම දිගුකාලීන කාර්යයකි. මධ්‍යම රජයේ මඟපෙන්වීම් අනුව රටේ විවිධ මට්ටමේ රජයන් වසංගත පාලනය අකුරටම ඉටුකිරීමේ අවශ්‍යතාව එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. වසංගත පාලනයට අදාළ ඉදිරි පියවර 20ක් ක්‍රියාවට නැංවිය යුතු ආකාරය ද එහිදී නියම කරනු ලැබිණ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම