ගෘහස්ථ-නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් විදේශගත කිරීම අත්හිටුවයි
2022-11-10 17:32:25
Share with:

ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා කාන්තාවන් රැකියා නියෝජිතායතන මගින් විදේශ ගතකිරීම හෙට (11)  සිට අත්හිටුවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම් දෙයි.

එසේ විදේශගත වූවන් නැවත මෙරටට ගෙන්වීමේ දී ගැටළු ද  පැන නැගී ඇති බැවින්, ඒ පිළිබඳව අවධානය යොමුකළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම තීරණය ගෙන තිබේ.

සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත වූවන් පිළිබඳව මේ වන විට උද්ගත වී ඇති තත්වය ද මෙම තීරණයට බලපෑ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියාසිටී.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම