5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකව නිමාවෙයි
2022-11-10 19:24:09
Share with:

ඉකුත් 5 වැනිදා ඇරඹුණු 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අදින් (10)  අවසන් වේ.

මෙවර ප්‍රදර්ශනයට රටවල්, ප්‍රදේශ හා ජාත්‍යන්තර සංවිධාන 145ක් සහභාගි වීම කැපීපෙනිණ. රටවල් හා ප්‍රදේශ 127ක සමාගම් 2800 කට වැඩි සංඛ්‍යාවක් නව නිෂ්පාදන, නව තාක්ෂණයන් හා නව‍ සේවා 438 ක් මෙහිදී ප්‍රදර්ශනය කර තිබේ. එය පසුගිය වසරේ වාර්තා වූ අගයයන් ඉක්මවා යාමකි.

මෙවර ප්‍රදර්ශනයේ දී අත්සන් තැබුණු ගිවිසුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 73.52ක් වන අතර, එය පසුගිය වසරේ අගයට වඩා සියයට 3.9ක වර්ධනයකි. විවිධ පාර්ශ්වයන්ගේ ඒකාබද්ධ ප්‍රයත්න යටතේ 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සාර්ථකත්වය, අසිරිමත් භාවය හා ඵලදායීත්වය අතින් අපේක්ෂිත ඉලක්ක මනාව සාක්ෂාත් කර ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම