ජනපති සහ ලෝක බැංකු සභාපති අතර හමුවක්
2022-11-10 17:33:25
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස්  මහතා අතර හමුවක්, දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව ෂාම් එල්-ෂෙයික් හිදී සිදුව ඇත.

ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික සහ සමාජයීය තත්ත්වය මෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලාංකීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යවසාය සංවර්ධනය උදෙසා අඩිතාලම සැපයීමට ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ (IDA) සහනදායී මූල්‍යකරණය, තාක්ෂණික සහාය හා ප්‍රතිපත්ති උපදෙස්වලට අනුකූලව ලෝක බැංකු සමූහයේ සහය ලබාදීමට සභාපතිවරයා එහිදී සහතික වී තිබේ.

විශේෂයෙන්ම  රාජ්‍ය වියදම් කළමනාකරණය සහ රාජ්‍ය ව්‍යවසායන් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව මල්පාස් මහතා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇත.

කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව වැඩිකර ගැනීම සඳහා පවතින අවස්ථා මෙන්ම සංචාරක, අධ්‍යාපන හා සේවා අංශයන් හි ශ්‍රී ලංකාවට ඇති ඉහළ හැකියාවන් කෙරෙහි  ද මෙහිදී අවධානය යොමුව තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම