චීනය තුළ ආයෝජන තහනම අඛණ්ඩව අනුගමනය කරන ඇමරිකාවට චීනයේ දැඩි විරෝධය
2022-11-09 18:55:19
Share with:

චීනය තුළ ආයෝජනය කිරීමට පනවා ඇති තහනම ඇමරිකාව අඛණ්ඩව අනුගමනය කිරීම කෙරෙහි  චීනය දැඩි විරෝධය පළ කරයි.

ජනාධිපති Trumpගේ ධුර කාලයේ දී පනවන ලද මෙම තහනම් නියෝගය අඛණ්ඩව අනුගමනය කිරීමට තීරණය කරන බව ඇමරිකානු රජය ප්‍රකාශ කර ඇත. චීන හමුදාවට සම්බන්ධ චීන සමාගම්වල ඇමරිකානු ජාතිකයන්ට ආයෝජනය කිරීම ද මෙහිදී තහනම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(9) පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, පටු දේශපාලන අරමුණු මුල්කර ගනිමින් ඇමරිකාව පැවති රජයේ වැරදි තීරණ අනුගමනය කරන බවයි.

ඉන් චීන සමාගම්වල නීත්‍යනුකූල අයිතිවාසිකම්වලට පමණක් නොව ඇමරිකානු ආයෝජකයන් ඇතුළු ගෝලීය ආයෝජකයන්ගේ ප්‍රතිලාභයන්ට ද හානි සිදු විය හැකි ය. චීනය ඊට දැඩිව විරෝධය පළ කරන බව Zhao Lijian මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම