චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නව නිපැයුම්‍ තෝතැන්නක්
2022-11-09 10:52:46
Share with:

චීනයේ ෂංහැයි නගරයේ පැවැත්වෙන 5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී නව නිපැයුම් රාශියක් එළි දැක්වේ. දෙස්-විදෙස් නව නිපැයුම් රැසක් ඊට ඇතුළත් වේ.

ප්‍රේක්‍ෂකයන්ට නව අත්දැකීම් ලබා දීමක්, ගෝලීය වශයෙන් නවෝත්පාදන දිරිගැන්වීමක් මෙන් ම විවිධ රටවල ව්‍යවසායයන්ට නවෝත්පාදන අවස්ථා බෙදා ගැනීමේ නව වේදිකාවක් බවට එය පත්ව තිබේ.

පෙර පැවති චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන 4දී එළි දැක්වූ නව නිපැයුම්, නව තාක්ෂණයන් හා නව සේවා සංඛ්‍යාව 1500 ඉක්මවා ඇත. 5වන ආනයන ප්‍රදර්ශනයේ ඒ හා සම්බන්ධ වැඩමුළු 94ක් පවත්වා නව නිපැයුම් 170කට වැඩි සංඛ්‍යාවක්  එළි දක්වා තිබේ. 4වන ආනයන ප්‍රදර්ශනයට සාපේක්ෂව නව නිපැයුම් එළි දැක්වීමේ වැඩමුළු සංඛ්‍යාව 50%කින් පමණ වැඩි වී ඇති අතර, එළි දක්වා ඇති නව නිපැයුම් සංඛ්‍යාව 40%කින් පමණ වර්ධනය වී තිබේ.

‘ නව නිපැයුම් එළි දැක්වීම හා ඒවා ප්‍රථම වරට ප්‍රදර්ශනය කරනු ලැබීම ’ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය තුළ බහුලව සිදුවීමට‍ හේතු කිහිපයක් බලපා තිබේ. ගතවූ වසර 5 තුළ, නව තාක්ෂණ චීන වෙළඳපොළට ප්‍රවේශවීම, ආනයන ප්‍රදර්ශකයන් චීන ආයෝජනයට පෙළඹීම ඒ අතර වෙයි. එපමණක් නොව අන්තර්ජාතික ව්‍යවසායයන්ට ආනයන ප්‍රදර්ශනයට එක්වීමෙන්, සිය නවෝත්පාදන ප්‍රගතීන් සුවිශාල වෙළඳපොළක් සහිත චීනයට යොමු කිරීමට හැකිව තිබේ. විවිධ පාර්ශ්වයන් චීන වෙළඳපොළ අවස්ථා පොදුවේ බෙදා ගැනීම තහවුරු කිරීමට චීනය මෙවර ආනයන ප්‍රදර්ශනයේ දී ප්‍රතිඥා ලබා දී ඇත.

නවෝත්පාදනයෙන් අනාගතය අත්කර ගත හැකිය. ආනයන ප්‍රදර්ශනයට එක්වූ සෑම නව නිපැයුමකින්, නව ව්‍යාපාරික අවස්ථාවක්, නව නිෂ්පාදන බලයක්, නවාකාර ජීවන රටාවක් පිළිබිඹු කෙරේ.  මෙවැනි නිපැයුම් ‘ ප්‍රථම වරට එළි දැක්වීම හා ප්‍රදර්ශනය කිරීමෙන් ’, සහයෝගිතා පැවැත්වීමේ අවස්ථාව පමණක් නොව, වඩාත් සුන්දර අනාගතයක් ද අරුත් ගැන්වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම