2022 වසරේ ලෝක අන්තර්ජාල සමුළුව චීනයේ දී
2022-11-09 16:00:50
Share with:

2022 ලෝක අන්තර්ජාල සමුළුව චීනයේ Wuzhen උප නගරයේදී ඇරඹේ. 

අද (9) පැවති සමාරම්භක උත්සවයට එක් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ අමාත්‍ය Li Shulei මහතා, චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩය ඉදිරිපත් කරමින් ප්‍රධාන දේශනය පැවැත්වීය.

විවිධ රටවල් සමග එක්ව අන්තර්ජාල අවකාශය ගොඩනැගීම, අපේක්ෂා සපිරි ගෝලීය ඩිජිට‍ල් සංවර්ධන මාර්ගය බිහිකිරීම සඳහා චීනයේ අවංක කැමැත්ත ෂී ජින් පිං මහතාගේ සුබ පැතුම් පණිවුඩයෙන් පැහැදිලි කෙරිණ. පසුගිය දා සාර්ථකව අවසන් වූ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේදී චීන අන්තර්ජාල වර්ධනය පිළිබඳ නව උපායමාර්ග සකස් කර ඇති බව ද Li Shulei මහතා එහිදී පැවසීය.

අන්තර්ජාල ලෝකය පොදුවේ සංවර්ධනය කිරීම හා ඩිජිටල් අනාගතයක, පොදු ඉරණමක් සහිත අන්තර්ජාල අවකාශ ඒකකය ගොඩනැගීම මෙවර සමුළුවේ තේමාව යි. රටවල් හා ප්‍රදේශ 120ක 2100කට අධික පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට එක් ව සිටිති.

ගුවන් විදුලිය
20230328අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම