11වන චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළඳ සම්මේලනය ෂැංහයි හිදී
2022-11-09 09:22:52
Share with:

11වන චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් වෙළඳ සම්මේලනය පැවැත්වේ.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ වැදගත් සමගාමී ක්‍රියාකාරකමක් වශයෙන් එම සම්මේලනය 8 හා 9 දෙදින තුළ ෂැංහයි නගරයේ දී පැවැත්වේ. චීන වාණිජ අමාත්‍යංශය, ජාතික බලශක්ති දෙපාර්තමේන්තුව හා ෂැංහයි රජය එය සංවිධාන කර තිබේ.

‘ඛනිජ තෙල් හා ගෑස් පිළිබඳ ජගත් සහයෝගතා හා වෙළඳාම ගැඹුරු කරමින් ඉහල ගුණාත්මකභාවයෙන් යුතු ආර්ථික සාමාජයීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම’ එහි තේමාවය. රටවල් හා ප්‍රදේශ 14ක ලෝක ප්‍රසිද්ධ ඛනිජ තෙල් සමාගම්වල, වෙළඳ හා ගුවන් ප්‍රවාහන ව්‍යාපාරවල, මූල්‍ය සේවා හා අධ්‍යයන ආයතනවල නියෝජිතවරු 500ක් පමණ ඊට සහභාගි වෙති.

චීන බලශක්ති වෙළඳපොලේ තිරසර වර්ධනය, බලශක්ති නිපදවන රටවල්, පරිභෝජන රටවල් හා වෙළඳාමෙහි නිරත රටවල්වලට වාසී ගෙන දෙන බවත් ඉන් වඩාත් වැඩි සහයෝගතා අවස්ථා බිහි විය හැකි බවත් චීන උප වාණිජ ඇමති ශෙන්ග් චියුපිං මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම