දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ දී සෑමවිටම සක්‍රිය ව දායක වන බව චීනය කියයි
2022-11-09 17:52:23
Share with:

දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ  දී සෑමවිටම ක්‍රියාකාරී  ව සිටින බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Zhao Lijian මහතා අද(9) පැවති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කරමින් පැවසුවේ, දේශගුණික විපර්යාසවලට ක්‍රියාකාරීව විසඳුම් සෙවීම පිළිබඳ ජාතික උපායමාර්ගයක් චීනය ක්‍රියාත්මක කරන බවයි.

චීනය, පාරිසරික ප්‍රමුඛතාව මෙන්ම හරිත හා අඩු කාබන් සංවර්ධන මාවතක් ස්ථිර ලෙස අනුගමනය කරයි. කාබන් විමෝචන මධ්‍යස්ථභාවයට ළඟාවීමේ ඉලක්කය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, චීනය විශිෂ්ට ප්‍රතිඵල ලබා ඇති බව, ඔහු පැවසීය.

වත්මන් ලෝකය දේශගුණික විපර්යාස හේතුවෙන් දැඩි අභියෝගවලට මුහුණ දෙමින් සිටී. සංවර්ධනය වෙමින් පවතින රටවල් මීට දරුණු ලෙස ගොදුරු වී ඇත.

මෙම අභියෝගයට මුහුණ දීමේ දී  සංවර්ධනය වෙමින් පවතින රටවල් සතු හැකියාවන් නැංවීම සඳහා, සංවර්ධිත රටවල් හැකි ඉක්මණින් පියවර ගත යුතුය. ඒ සඳහා එම රටවලට වසරකට ඩොලර් බිලියන 100 බැගින් ලබාදෙන බවට වී ඇති පොරොන්දුව සංවර්ධිත රටවල් ඉටු කළ යුතු බව ද, Zhao Lijian මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම