ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කරන්නැයි ජනපතිගෙන් ඉල්ලීමක්
2022-11-09 18:54:48
Share with:

ගෝලීය දේශගුණික විපර්යාස පිළිබඳ දැනුමේ කේන්ද්‍රය බවට ශ්‍රී ලංකාව පත්කරමින්, අදාළ විෂයය පිළිබඳ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් මෙරට ස්ථාපනය කරන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. ඊජිප්තුවේ ෂාම් එල් ෂෙයික් හි පැවැත්වෙන ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අමතමින් ජනාධිපතිවරයා ඊයේ (8) මේ බව පැවසීය.

සංවර්ධිත රටවල අසීමිත කාර්මීකරණය දේශගුණික විපර්යාසවලට මූලික හේතුව බව වික්‍රමසිංහ මහතා කියාසිටී. ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලු උග්‍ර වී තිබේ. ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම මෙන්ම ආර්ථික දියුණුව සාක්ෂාත් කිරීමේ සටනක එම රටවල් නිරත ව සිටී. එබැවින් සංවර්ධනය වෙමින් පවතින රටවලට සිදුවන අලාභය හා හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට සංවර්ධිත රටවල් ඔවුන්ගේ අරමුදල් දෙගුණ කිරීම අවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා පවසයි.

දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ මෙවර තේමාව, “ක්‍රියාත්මක වීම” යන්නයි. මීට අදාළ සාකච්ඡා සති දෙකක් පුරා පැවැත්වේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම