කොළ පිපිඤ්ඤා වගාවෙන් ඩොලර් කෝටියකට අධික ආදායමක්
2022-11-09 18:53:48
Share with:

මඩකලපුව, වාකරේ කොළ පිපිඤ්ඤා වගාව මේ වනවිට රටට ඩොලර් උපයන ව්‍යාපෘතියක් බවට පත්ව ඇත.

ඒ අනුව, කොළ පිපිඤ්ඤා වගාවෙන් මේ වසරේ පළමු මාස 10 තුළ ඩොලර් කෝටියකට අධික මුදලක් උපයා තිබේ. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක යි.

මඩකලපුව වාකරේ ප්‍රදේශයේ ගොවීහු 500 ක පමණ පිරිසක් අක්කර 500 ක පමණ කොළ පිපිඤ්ඤා වගාවේ නිරතව සිටිති.  එම අස්වැන්න අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස ජපානය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම