තම රටේ උසස් නිපැයුම් වෙනත් රටවල සංවර්ධනය අඛණ්ඩව ඉහළ නංවන බව චීනය කියාසිටී
2022-11-09 19:56:02
Share with:

      "Made by China" හෙවත් චීනයේ උසස් නිෂ්පාදිත, වෙනත් රටවල සංවර්ධනය අඛණ්ඩව ඉහළ නැංවීමට උපකාරී වන බව චීනය පවසයි.

      චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා අද (9) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී චීන-ලාඕස දුම්රිය මාර්ගය පිළිබඳ සඳහන් කරමින් මේ බව පැවසීය. පසුගිය 7 වැනි දා දක්වා චීන-ලාඕස දුම්රිය මාර්ගය මගින් ප්‍රවාහනය කරන ලද භාණ්ඩ ප්‍රමාණය ටොන් මිලියන 10ක් ඉක්මවා ගොස් ඇතැයි සංඛ්‍යා ලේඛනවල සඳහන් වේ. එම දුම්රිය මාර්ගය චීනයේ උසස් නිපැයුමක් සඳහා වන මනා නිදසුනක් බව චාඕ ලී චියෙන් මහතා එහිදී කියා සිටියේ ය. චීන දායකත්වය සහිත අධිවේග මාර්ග, අධිවේග දුම්රිය මාර්ග ,වරාය , පාලම්, විදුලි බලාගාර හා ක්‍රීඩාංගණ ඇතුළු යටිතල පහසුකම් ලොව පුරා දක්නට ලැබේ. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් එම යටිතල පහසුකම් විවිධ රටවල ජනතාවගේ ජීවිත වඩාත් යහපත් කිරීමට උපකාරී වී ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20230322බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම