දෙවැනි චීන-මධ්‍යම ආසියා රටවල් පහේ බුද්ධි මණ්ඩල සාකච්ජා සභාව පැවැත්වේ
2022-11-09 10:23:29
Share with:

මෙම වසර චීනය සහ මධ්‍යම ආසියා රටවල් පහ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 30වැනි සංවත්සර වසර ය .

චීනය, උස්බෙක්ස්තානය,  කසක්ස්තානය, තජිකිස්තානය , ටර්ක්මෙනිස්තානය, කිර්ගිස්තානය යන මධ්‍යම ආසියා රටවල් පහේ  බුද්ධි මණ්ඩලවල විද්වත්හු සහ චීනයේ සිටින අදාළ තානාපති නියෝජිතයෝ ඊයේ බෙයිජිංහිදී ආරම්භ වූ මෙම බුද්ධි මණ්ඩල සාකච්ජා සභාවට සහභාගි වූහ. ඔවුහු "පොදු සංවර්ධනයක් කරා නව මාවතක්" පිළිබඳව සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගත්හ.

මෑත වසරවලදී, චීනය මධ්‍යම ආසියානු රටවල් සමඟ ඵලදායී ප්‍රායෝගික සහයෝගීතා පවත්වා ඇති අතර, මෙම වසරේ වෙළඳ පරිමාව වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මධ්‍යම ආසියාතික රටවල් සමඟ චීනයේ සබඳතාවල ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව ඉන් මනාව පෙන්නුම් කර ඇතැයි යුරේසියානු කටයුතු සඳහා වන චීන රජයේ විශේෂ නියෝජිත ලී හුයි මහතා පැවසීය. සාමය නොමැතිව සංවර්ධනය දුෂ්කර වන අතර ස්ථාවරත්වය නොමැතිව සමෘද්ධිය ළඟා කරගත නොහැකිය. එබැවින් සාමය පවත්වාගෙන යාමේ මෙහෙවරට අනුගත විය යුතු බව හෙතෙම අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20230320සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම