තුන්වන ලෝකයේ රටවලට ද බහුවිධ ප්‍රතිලාභ හිමි කර දෙන, චීනයේ නවෝත්පාදන මූලික කරගත් අනාගත සංවර්ධන සැලසුම
2022-11-09 14:56:43
Share with:

පසුගිය දශක කිහිපය තුළ චීනය සිය රට මෙන්ම අන් රටවල් ද දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික සම්පත් යෙදවූ අයුරු අතිශය ප්‍රශංසනීය වේ. චීනයේ සංවර්ධනය, ගෝලීය සංවර්ධනයට වැදගත් වන්නේ, රටේ විශාලත්වය හෝ ජනගහනය නිසාම පමණක් නොව, චීනය සෑම අවස්ථාවකදීම සිය සංවර්ධනයේ ප්‍රතිඵල ලෝකයේ අන් රටවල් සමග ද බෙදා ගන්නා බැවිනි. තුන්වන ලෝකයේ රටවල් වෙත එම සංවර්ධන ප්‍රතිලාභ හිමි කර දීම අගය කළ යුත්තකි. චීනය එය පුරා වසර ගණනාවක් තිස්සේ සිදු කළ විශිෂ්ඨ ආර්ථික, සමාජ හා සංස්කෘතික මෙහෙවරක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

චීන කොමියුනිස්ට් පක්ෂ 20 වන ජාතික කොංග්‍රසයේ දී, නවෝත්පාදනය ප්‍රමුඛ කර ගනිමින් සංවර්ධන සැලසුම් ගොඩනැගීමට කටයුතු කිරීම ඉතා සුවිශේෂී තීරණයකි. මුල් කාලීනව විද්‍යාවේ දියුණුව තුළ නිර්මාණය වූ විවිධ භාණ්ඩ හුවමාරු වුයේ ධනවත් කණ්ඩායමක් අතර පමණි. නමුත් චීනය සිය තාක්ෂණ  දියුණුව හා නවෝත්පාදන කාර්යභාරය තුළ තුන්වන ලෝකයේ රටවල්වලට ද ආර්ථික සහ සමාජීය වශයෙන් ඵලදායි ප්‍රතිලාභ හිමි කර දීම අරමුණු කර  ගනී.

චීනය නවෝත්පාදනය පදනම් කර ගත් අනාගත සංවර්ධන වැඩපිළිවෙළකට යොමු වීම ගෝලීය සංවර්ධනයේ වැදගත් භූමිකාවක් ලෙස හැදින්විය හැකි බව හෙතෙම කියා සිටී.

විශේෂයෙන් ශ්‍රී ලංකාවට ද එම සංවර්ධන සැලසුම් තුළ බොහෝ ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අවකාශය පවතී. එමෙන්ම චීනයේ මෙම නවෝත්පාදනය මූලික කර ගත් අනාගත සංවර්ධන රාමුව තුන්වන ලෝකයේ රටවලටත්, එහි ජනතාවටත් බහුවිධ ප්‍රතිලාභ හිමි කර දෙන සංවර්ධන උපායමාර්ගයක් බව මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම