2022 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ Wuzhen සමුළුවට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-09 16:21:48
Share with:

2022 ලෝක අන්තර්ජාල සම්මන්ත්‍රණයේ Wuzhen සමුළුව අද(9) ඇරඹේ.

සමුළුවට සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, වර්තමාන යුගයේ දී, ඩිජිටල් තාක්ෂණය චීනයේ සෑම ක්ෂේත්‍රයකම ආර්ථික හා සමාජයීය සංවර්ධනයේ සමස්ත ක්‍රියාවලියට වැඩි වශයෙන් ඒකාබද්ධ වී ඇති බවයි.

ඩිජිටල්කරණයේ අවස්ථා සහ අභියෝගවලට මුහුණ දීමේ දී, ජාත්‍යන්තර ප්‍රජාව සමග සංවාද සහ හුවමාරු ශක්තිමත් කළ යුතු බවත්, වඩාත් සාධාරණ, විවෘත හා ඉවසිලිවන්ත, සුරක්ෂිත හා ස්ථාවර, ජීව ශක්තියෙන් පිරි සයිබර් අවකාශයක් ගොඩනැඟිය යුතු බවත්, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

ලෝකයේ විවිධ රටවල් සමඟ එක්ව, සයිබර් අවකාශයේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම වේගවත් කිරීමට, චීනය සූදානම් බව ද,  හෙතෙම අවධාරණය කළේ ය.  

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම