රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ද අද (8)
2022-11-08 17:28:58
Share with:

පාර්ලිමේන්තුව අද (8)  රැස්වෙයි. ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සභාව කල් තැබීමේ විවාදයක් ද අද පැවැත්වේ.

එකතු කළ අගය මත බදු පනත යටතේ නියෝග, සුරාබදු ආඥා පනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි සහ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි තුනක් පාර්ලිමේන්තුවේදී හෙට (9) විවාදයට ගැනේ.

මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර සඳහා වන අයවැය ලබන 14 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම