යටත්විජිත යුගයෙන් ශේෂ වූ ණය බ්‍රිතාන්‍යය විසින් පියවිය යුතුව තිබේ
2022-11-08 10:39:15
Share with:

Chagos Archipelago සමූහ දූපත්වල ස්වාධිපත්‍යය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට බ්‍රිතාන්‍යය හා මොරිෂස් රාජ්‍යය තීරණය කර ඇතැයි බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ඇමති James Cleverly පසුගියදා ප්‍රකාශ කර ඇත. බ්‍රිතාන්‍යයේ එම ප්‍රකාශය අදාළ ස්වාධිපත්‍ය ගැටළුව විසඳීම සඳහා වැදගත් පියවරක් ලෙස සැලකේ. 

අතීත යුගයේදී Chagos Archipelago සමූහ දූපත් මොරිෂස් රාජ්‍යයට  අයිතිව පැවති භූමියකි. 1965 වසරේ දී , මොරිෂස් රාජ්‍යයට නිදහස දීමේ අතිරේක කොන්දේසියක් වශයෙන් බ්‍රිතාන්‍යය විසින් එම දූපත් ‘බ්‍රිතාන්‍යයේ ඉන්දීය සාගර ප්‍රාන්තය’ ලෙස නම් කෙරිණ. ‘සුදුසු අවස්ථාවක එය මොරිෂස් රාජ්‍යයට ආපසු ලබාදෙන’ බව ද එහිදී බ්‍රිතාන්‍යය පවසා තිබිණ. 1968 වසරේ නිදහස ලැබීමෙන් පසු, Chagos Archipelago සමූහ දූපත් ආපසු ලබාදෙන ලෙස මොරිෂස් රාජ්‍යය බ්‍රිතාන්‍යයෙන් වරින් වර ඉල්ලා සිටියේය. එහෙත් බ්‍රිතාන්‍යය ඒවා නොතකා ක්‍රියා කළා පමණක් නොව, දූපත්වල සිටි ආදිවාසීන් පිටුවහල් කර, එහි ඇමරිකානු යුද කඳවුරු ඉදිකිරීමට පවා ඉඩ දී තිබිණ.

කෙසේ වුවද, Chagos Archipelago සමූහ දූපත් පිළිබඳ ඓතිහාසික සාක්ෂි පැහැදිලිය. මොරිෂස් රාජ්‍යයේ සාධාරණ ඉල්ලීම්වලට ජගත් ප්‍රජාවේ පුළුල් සහාය හිමිවිය. දැනට, ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට බ්‍රිතාන්‍යය කැමැත්ත දැක්වූයේ ජගත් ප්‍රජාවෙන් එල්ලවූ බලපෑම හා තමාට හිමි ගෝලීය බලපෑම් ශක්තිය අඩුවීම හේතුවෙන් විය හැකිය. 

අද වන විට ලෝකයේ යටත්විජිත පාලනය යටතේ පවතින ස්වයං පාලනයෙන් තොර භූමි 17කින් 10ක්ම බ්‍රිතාන්‍ය පාලනය යටතේ පවතී. බ්‍රිතාන්‍යය, මොරිෂස් රාජ්‍යය සමග එක්ව Chagos Archipelago සමූහ දූපත්වල ස්වාධිපත්‍ය ගැටළුවට විසඳුමක් සොයා දිය යුතු වනවා පමණක් නොව, Malvinas සමූහ දූපත් ආජන්ටිනාවට පවරා දීමටත් පියවර ගත යුතුය. 

21 වන ශතවර්ෂයේ අද දවසේ හෝ, යටත්විජිත ඉතිහාසයෙන් ශේෂ වූ ණය, බ්‍රිතාන්‍යය එකින් එක ආපසු පියවිය යුතුව තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම