ජනාධිපතිවරයාගෙන් ලෝක නායකයන් වෙත ඉල්ලීමක්
2022-11-08 17:29:53
Share with:

ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් සැකසීම සඳහා සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලාසිටී. දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේ ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත වික්‍රමසිංහ මහතා මෙම ඉල්ලීම ඉදිරිපත් කළේ  ‘ආහාර සුරක්ෂිතතාව’ පිළිබඳ වටමේස සාකච්ඡාවට ඊයේ (07) සහභාගි වෙමිනි. ඊජිප්තුවේ Sharm El Sheikh නගරයේ දී  එය පැවැත්විණ.

ගෝලීය ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තිරසර ණය සහන සැලැස්මක් කඩිනමින් සකස් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 2023 පෙබරවාරි මස වන විට මෙම තිරසර ණය සහන සැලැස්ම සකස් කර,  පළමු කාර්තුව අවසන් වන විට එය ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රකාශ කළ රනිල් වික්‍රමසිංහ මහතා  එසේ නොවුණහොත් බොහෝ රටවල දේශපාලන හා සමාජ ව්‍යුහයන්ට සිදුවිය හැකි හානිය යළි පිළිසකර කළ නොහැකි වනු ඇතැයි ද පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම