තම රට සමග පවතින සම්බන්ධතා යු‍රෝපා සංගමය තාර්කික ව වටහාගනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය කියයි
2022-11-08 19:57:20
Share with:

යු‍රෝපා සංගමය තම රට සමග පවතින සම්බන්ධතා තාර්කික ව වටහාගනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසයි.

යුරෝපා සංගමයේ රාජ්‍ය තාන්ත්‍රික හා ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නියෝජිත Jose Borrell මහතා පසුගිය දා ලිපියක් පළ කර ඇත. චීනය යුරෝපා සංගමයේ වැදගත් ආර්ථික හවුල්කරුවෙකු වන අතර, පූර්ණ තරගකරුවෙකු හා ප්‍රතිපත්තිමය ප්‍රතිවාදියෙකු බවත්, යුරෝපා සංගමය චීනය මත දැඩි ලෙස යැපීම වළක්වා ගනිමින් සිය ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කළ යුතු බවත්, ඒ මහතා එම ලිපියෙන් පෙන්වා දී ඇත.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා අද (8) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අවධාරණය කළේ, යු‍රෝපා සංගමය චීනය සමග පවතින සම්බන්ධතා දෙස තාර්කික ව බැලිය යුතු බවයි. චීනය හා යුරෝපා සංගමය අතර පුළුල් සහයෝගිතා අවකාශයක් පවතී. දෙපාර්ශ්වය අතර තරගයක් පවතින නමුත් ද්විපාර්ශ්වික සහයෝගිතා එම තරගයට වඩා කැපී පෙනේ. එමෙන් ම එම තරගය තුළින් වුව ද ධනාත්මක ස්වභාවය දක්නට ලැබෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම