Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය අවසන් වේ
2022-11-08 18:50:29
Share with:

5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමී Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය නිමාවෙයි. එය ඊයේ (7) සවස අවසන් විය.

චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ වැදගත් කොටසක් වන මෙම සංසදය "ගෝලීය විවෘතභාවය" යන මූලික තේමාවෙන් යුතුව, චීන විවෘතභාවයේ හඬ ලෝකයට ප්‍රකාශ කර තිබේ.

මෙවර සංසදයේ RCEP සහ වඩා ඉහළ මට්ටමේ විවෘතභාවය සහිත උසස් පෙළේ සංසදය ඇතුළු ක්‍රියාකාරකම් 24ක් පවත්වනු ලැබීය.  විවිධ රටවල දේශපාලනඥයන්, විශේෂඥයන් සහ විද්වතුන් වෙනුවෙන් මෙහිදී හුවමාරු වේදිකාවක්  සපයා  තිබිණ.

එසේම Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ දී ලෝක විවෘත භාවය පිළිබඳ වාර්තාව හා ලෝක විවෘතභාවය පිළිබඳ දර්ශකය පළ කර තිබේ. නව කොරොනා වසංගතය මතුවීමෙන් පසු ලෝක විවෘත දර්ශකය, පළමු වතාවට මෙවර පළකෙරුණු අතර, විශේෂඥයෝ සහ විද්වත්හු මේ සම්බන්ධයෙන් පුළුල් අවධානය යොමුකළහ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම