රජය හා ජනතාව වෙතින් පැවරෙන කාර්යයන් මැනවින් ඉටුකිරීම හමුදා සේවයේ පරම යුතුකම බව චීන ජනපති කියාසිටී
2022-11-08 20:00:28
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුදා සංවර්ධනය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.

හෙතෙම අද (8) චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසමේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය නිරීක්ෂණ කළේ ය. හමුදා කොමිසමේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය, චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සහ එම සභාවේ හමුදා කොමිසමේ වැදගත් උපායමාර්ගික අණදීමේ ආයතනයකි. එහි අදාළ කාර්ය සාධන වාර්තාවට සවන් දීමෙන් පසු ෂී ජින් පිං මහතා මධ්‍යස්ථානයේ හමුදා නිලධාරීන් හා භට නියෝජිතයන් හමු විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හමුදා කොමිසම චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ ජීවගුණයට අනුව හමුදා සංවර්ධනය වඩාත් ශක්තිමත් කළ යුතු බව හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ය. බැරෑරුම් දෙස් විදෙස් ආරක්ෂක තත්ත්වයන් හමුවේ රටේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව රැක ගනිමින් රජය හා ජනතාව වෙතින් පැවරෙන විවිධ කාර්යයන් මැනවින්  ඉටුකිරීම හමුදා සේවයේ පරම යුතුකම බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම