චීනයේ විදේශ වෙළඳ වටිනාකම්වල කැපීපෙනෙන ප්‍රගතියක්
2022-11-08 11:32:29
Share with:

මේ වසරේ මුල් මාස 10 තුළ, චීනයේ විදේශ වෙළඳ වටිනාකම පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 9.5කින් වර්ධනය වෙයි. මේ බව චීන ප්‍රධාන රේගු පරිපාලනය ඊයේ(7) නිකුත් කළ දත්ත වාර්තාවන් හි දැක්වේ.

එම කාලය තුළ චීනයේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 34.62ක් වන අතර එය පසුගිය වසරේ තත්ත්වයට වඩා සියයට 9.5ක වැඩිවීමකි. ඉන් අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 19.71ක් වන අතර, එය සියයට 13ක වර්ධනයක්‍ පෙන්නුම් කරයි. ආනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 14.91ක් වන අතර, එය සියයට 5.2ක ඉහළයාමක් බව අදාල දත්තවල දැක්වේ.

ආසියාන් සංගමය, යුරෝපා සංගමය, ඇමරිකාව, දකුණු කොරියාව සමග චීනයේ ආනයන හා අපනයන වටිනාකම සියයට 15.8,  සියයට 8.1, සියයට 6.8 හා සියයට 6.5කින් බැගින් වැඩිවී තිබේ. ආසියාන් සංගමය අඛණ්ඩව චීනයේ විශාලතම වෙළඳ හවුල්කරු වීම ද කැපීපෙනේ.

මේ අතර, චීනය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට එක්ව සිටින රටවල් සමග කර ඇති වෙළඳාම සියයට 20.9කින් වර්ධනය වී ඇත. RCEP ගිවිසුමේ සෙසු සාමාජික රටවල් සමග විදේශ වෙළඳාම ද සියයට 8.4කින් වැඩි වී තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම