උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග දින යළි වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති කියයි
2022-11-08 17:30:35
Share with:

උසස් පෙළ හා පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම සඳහා තීරණය කර තිබෙන දින යළි කිසිදු ආකාරයකින් වෙනස් නොකරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනිදාත්, උසස් පෙළ විභාගය ලබන ජනවාරි 23 සිට පෙබරවාරි 17 දක්වාත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

කොවිඩ්-19 තත්ත්වයත් සමග රටේ මතු වූ නොයෙකුත් ගැටලු මෙන්ම, පළාත් නවයේ පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර ලබාගත් දත්ත සැලකිල්ලට ගනිමින් අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත මෙම විභාග කල් දැමීමට තීරණය කෙරිණ.

විභාග දින නැවත කල් දැමීමක් සඳහා කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීමක් ලැබී නොමැති බවත් අධ්‍යාපන ඇමතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම