ෂැංහයි නගරයේ කර්මාන්ත සංවර්ධනයට නිසි මගපෙන්වූ ෂී ජින්පිං මහතා
2022-11-08 11:21:02
Share with:

2007 මාර්තු මාසයේ දී චීනයේ Zhejiang පළාතේ රාජකාරිවල නිරතව සිටි ෂී ජින්පිං මහතා, මධ්‍යම රජය විසින් සෘජුව පාලනය කෙරෙන මහා නගරයක් වන ෂැංහයි නගරයට මාරුකරනු ලැබුවා. ඒ, ෂැංහයි හි චීන කොමියුනිස්ට් පක්ෂ ලේකම් ධුරයේ සේවය කිරීම සඳහා යි. ෂැංහයි නගරයේ ඔහුගේ ධුර කාලය මාස 7 යි දින 4ක් පමණක් වුවද, සේවයේ නිරත වන කිසියම් නගරයක් සියුම් ලෙස අධ්‍යයනය කිරීමේ තම පුරුද්ද ෂී ජින්පිං මහතා මෙහිදීත් අතහැරියේ නැහැ. ෂැංහයි නගරයට අයත් දිස්ත්‍රික්ක හා කෝරළ 19 වෙත පැමිණි ඔහු ජනතාව සමග සුහද සංවාද පවත්වමින්, තත්ත්වය මනාව අවබෝධ කරගෙන ඔවුන් දිරිමත් කිරීමට පියවර ගත්තා.

ප්‍රායෝගික මෙන්ම දිගුකාලීන උපායමාර්ගික භාවයෙන් යුතුව ප්‍රශ්න විමසා බලන ෂී ජින්පිං මහතා ලෝකයේ හා චීනයේ සංවර්ධන දිශාව නිවැරදිව ග්‍රහණය කරගන්නා නායකයෙක්. ෂැංහයි නගරයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ලේකම් සහ චීන උප ජනාධිපති ධුර හෙබවූ කාලයේ ඔහු ෂැංහයි ජාත්‍යන්තර ප්‍රදර්ශනයේ පූර්ව සූදානම් කටයුතුවලට එක්වුණා. රටවල් හා සංවිධාන 246 ක් සහභාගි වූ ෂැංහයි ජාත්‍යන්තර ප්‍රදර්ශනය දෙස් විදෙස් නරඹන්නන් මිලියන 73ක් ආකර්ෂණය කිරීමෙහි සමත්වීම කැපීපෙනෙන කරුණක්.

ෂැංහයි සංවර්ධනය යනු, ආර්ථීක ගෝලීයකරණ ප්‍රවණතාව හා රටේ සංවර්ධන රාමුව තුළ සැලකිය යුතු සාධකයක් බවද හෙතෙම ප්‍රකාශ කළා. එම යුගයේ ෂැංහයි නගරය මුහුණ දුන් සම්පත් ගැටළු මනාව විමසා බැලූ ෂී ජින්පිං මහතා, නගරයේ තත්ත්වයට ගැලපෙන කර්මාන්ත සංවර්ධන උපායමාර්ගික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළා. එනම්, තුන්වන, දෙවන හා පළමු කර්මාන්ත පොදුවේ සංවර්ධනය කිරීමේ ප්‍රතිපත්තියයි. මෙහි තුන්වන කර්මාන්තය යනු සේවා කර්මාන්ත යි. දෙවන කර්මාන්තය යනු කාර්මික නිෂ්පාදන කර්මාන්ත වන අතර, පළමුවැන්න කෘෂිකර්මාන්තය යි. ස්වාධීන නවෝත්පාදනය ෂැංහයි නගර සංවර්ධනය සඳහා මූලික අඩිතාලම බවට පත්විය යුතුයැයි ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා.මෙම සංකල්පය ෂැංහයි හි දිගුකාලීන සංවර්ධනය සඳහා ප්‍රබල පදනමක් සැකසූ බව කිවයුතුමයි.  

මේ වනවිට "ෂැංහයි නිෂ්පාදන " මැනැවින් සක්‍රිය වී ඇති අතර, "ෂැංහයි සේවා" විවිධ ක්ෂේත්‍රවල නවෝත්පාදන බිහිකරමින් නව ප්‍රමිතීන් හඳුන්වා දී තිබෙනවා. විවෘතභාවය, නවෝත්පාදනය සහ සහයෝගතාව යනු ෂැංහයි නගරයේ සංවර්ධන අනන්‍යතාවයි.    

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම