චීන ව්‍යවසායන් ජාත්‍යන්තර බලශක්ති සමාගම් ගණනාවක් සමඟ ගිවිසුම් අත්සන් කරයි
2022-11-07 14:39:27
Share with:

ෂැංහයි හි පැවැත්වෙන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී චීනයේ ජාතික පයිප්ප ජාල සමූහය, ස්වාභාවික ගෑස් ව්‍යාපෘති සඳහා සහයෝගිතා ක්‍රියාවට නැංවීම සහ චීනයේ තෙල් හා ගෑස් නල ජාල යටිතල පහසුකම් අලෙවිකරණය හා විවෘත කිරීම ප්‍රවර්ධනය සඳහා ජාත්‍යන්තර බලශක්ති සමාගම් ගණනාවක් සමඟ සහයෝගිතා ගිවිසුම් අත්සන් කර තිබේ.

චීනයේ ජාතික පයිප්ප ජාල සමූහය විසින් Shell, ExxonMobil සහ අනෙකුත් ජාත්‍යන්තර බලශක්ති සමාගම් සමඟ ස්වාභාවික ගෑස් පර්යන්තවල ක්‍රියාකාරකම් අත්හදා බැලීම හා ඇරඹීම, ගබඩා කිරීමේ ටැංකි බදු දීම සහ ගිවිසුම්ගත ටැංකි ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කිරීම වැනි සේවා සැපයීම සඳහා උපායමාර්ගික සහයෝගිතා ගිවිසුම් අත්සන් කර තිබේ. චීන තෙල් හා ගෑස් ජාල යටිතල පහසුකම් ජාතික මට්ටමේ ප්‍රදර්ශනයක දී ජාත්‍යන්තර බලශක්ති ව්‍යවසායන් වෙනුවෙන් විවෘත කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම