විවෘතභාවය 5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාව යි
2022-11-07 19:54:34
Share with:

විවෘතභාවය 5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ ප්‍රධාන තේමාව බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා අද (7) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය, චීනය නව සංවර්ධන ක්‍රියාදාමයක් ගොඩනැගීම, වඩාත් ඉහළ මට්ටමේ විවෘතභාවය ක්‍රියාත්මක කිරීම සහ ජගත් ප්‍රජාව සමග පොදු යහපත බෙදාගැනීම සඳහා වන වැදගත් වේදිකාවක් බවයි.

මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා රටවල් , කලාප හා ජාත්‍යන්තර සංවිධාන 145ක් එක් ව සිටී. ඒ අතරින් සංවර්ධිත රටවල් මෙන් ම සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ඌන සංවර්ධිත රටවල් ද දක්නට ලැබේ. ලොව ප්‍රබල ව්‍යවසායන් 500ක් අතරින් 280ක් මෙවර චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සහභාගි ව සිටීම, ප්‍රදර්ශනයේ විවෘතභාවයේ තවත් මනා පිළිබිඹුවක් බව චාඕ ලී චියෙන් මහතා පවසයි. චීනය සිය විවෘතභාවය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් ගෝලීය ආර්ථික ප්‍රකෘතියට වඩාත් දායක වනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.ඩ

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම