සයිබර් අවකාශයේ පොදු අනාගතය පිළිබඳ ධවල පත්‍රිකාවක් චීනයෙන්
2022-11-07 16:21:42
Share with:

චීනය "සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් එක්ව ගොඩනැගීම" පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කරයි. චීනයේ රාජ්‍ය මණ්ඩල තොරතුරු කාර්යාලය විසින් එය  අද (7) නිකුත් කරනු ලැබීය.

නවයුගයේ අන්තර්ජාල සංවර්ධනය සහ පාලනය පිළිබඳ චීනයේ දැක්ම සහ  ක්‍රියාකාරකම්  ධවල පත්‍රිකාවේ සඳහන් වෙයි. සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනැගීමේ දී අත්කර ගැනුණු ජයග්‍රහණ සහ මේ පිළිබඳ ජාත්‍යන්තර සහයෝගිතා අපේක්ෂාවන් ද මීට ඇතුළත් ය.

අන්තර්ජාලය ලෝකය ගෝලීය ගම්මානයක් බවට පත් කර ඇති අතර, ජාත්‍යන්තර ප්‍රජාව අතර සම්බන්ධතා වඩාත් පුළුල් වෙමින් පවතී. මේ තුළින් හවුල්කාරී අනාගතය මැනැවින් දෘශ්‍යමාන වී ඇතැයි ද ධවල පත්‍රිකාව පෙන්වා දී ඇත. ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට සහ වැඩිම අන්තර්ජාල භාවිතා කරන්නන් සංඛ්‍යාවක් සිටින රට ලෙස, චීනය "තොරතුරු යුගයේ අභ්‍යන්තර ප්‍රවණතා මනාව වටහාගෙන සිටී. එසේම එය, පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයක් තහවුරු කර ඇත. 

ඩිජිටල් ආර්ථිකය නංවාලීම, පිරිසිදු හා යහපත් අන්තර්ජාල පරිසරයක් ගොඩනැගීම සහ සයිබර් අවකාශයේ අවදානම් සහගත තත්ත්ව පිටුදැකීම යන අංශවල ප්‍රගතියක් ලබා සිටින චීනය, සයිබර් අවකාශයේ ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කර ඇත. අන්තර්ජාලය සියලු මනුෂ්‍ය වර්ගයාගේ හවුල් නිවහන ලෙස හඳුන්වාදෙමින්  ධවල පත්‍රිකාව පවසන්නේ මෙම නිවසේ පවිත්‍රත්වය, ආරක්ෂාව සහ සමෘද්ධිය තහවුරු කිරීම ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු වගකීම බවයි. 

සයිබර් අවකාශයේ පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ගොඩනගමින්, වඩා සාධාරණ, ආරක්ෂිත මෙන්ම  ස්ථාවර සයිබර් අවකාශයක් පෝෂණය කිරීම සඳහා වෙනත් රටවල් සමග එක්ව ක්‍රියාකිරීමට චීනය සූදානම් බව ධවල පත්‍රිකාවේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම