ලොව තිරසර සංවර්ධනයේදී චීනයේ අත්දැකීම් අධ්‍යයනයට සුදුසු බව විදෙස් විශේෂඥයෝ පෙන්වාදෙති
2022-11-07 10:16:56
Share with:

තෙත්බිම් සම්මුති පාර්ශ්වකරුවන්ගේ 14 වැනි සම්මේලනයේ අමාත්‍යවරුන්ගේ ඉහළ පෙළේ රැස්වීම අවසන් වෙයි. එම රැස්වීම චීනයේ වූහාන් නගරයේ දී ඊයේ (6) නිමාවට පත් විය.

තෙත්බිම් සංරක්ෂණය හා භාවිතය, පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම හා ලෝක තිරසර සංවර්ධනය සඳහා එම සම්මේලනය ඉතා වැදගත් වන අතර, එහිදී චීනයේ අත්දැකීම් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බව රටවල් කිහිපයක විශේෂඥයෝ පෙන්වා දෙති.

ඇමරිකාවේ කොලරාඩෝ විශ්වවිද්‍යාලයේ ස්වාභාවික සම්පත් අධ්‍යයන ආයතනයේ මහාචාර්ය A. Alonso Aguirre මහතා පවසා ඇත්තේ, ගෙවී ගිය දශක දෙකක පමණ කාලය තුළ, චීනය සෑමවිටම විද්‍යාත්මක නවෝත්පාදනයන්හි ඉදිරියෙන්ම සිටි අතර, හරිත විද්‍යාත්මක නවෝත්පාදනය සඳහා කැපවී සිටින බවයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම