උසස් තත්වයේ සංවර්ධනය පිළිබඳ ලොවට පූර්වාදර්ශ සපයන චීනයේ සමාජවාදී නවීකරණ ක්‍රමය
2022-11-07 15:44:15
Share with:

1949 න් පසු චීන නායක මාඕ සේතුං මහතා‌ගෙන් අලුත් වන චීනය නව දිශානතියකට යොමුවීමට සමාජවාදය ද ඉවහල් විය. එසේම, සෝවියට් සංගමයේ බිඳවැටීම සමග රුසියාවේ සහ චීනයේ නැගී සිටීම බටහිර රටවලට දරාගැනීමට ද නොහැකි විය. බටහිරට කේන්ද්‍ර වූ ලෝක ආර්ථිකය ක්‍රමයෙන් ආසියාව කෙරෙහි යොමුවීම කැපීපෙනෙන කරුණක් බවට පත් ව ඇතැයි ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ දුලාන් හෙට්ටිආරච්චි මහතා කියාසිටී.

මේ සියවස තුළ චීනය ලෝක ආර්ථික හා දේශපාලන වාතාවරණය තුළ හිමි කර ගත් භූමිකාව දෙස විමසීමේ දී සමාජවාදී නවීකරණ ක්‍රමය ලොව අන් රටවලට ද පූර්වාදර්ශ සපයන බව පැහැදිලි කරුණකි. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයේ දී උසස් තත්වයේ සංවර්ධනයක් උදෙසා චීනයට ආවේණික නවීනත්වයෙන් යුත් සමාජවාදී ක්‍රමයක වැදගත්කම අවධාරණය කෙරිණ. ශ්‍රී ලංකාව වැනි රටවල් බටහිරකරණයේ ආභාසයන් ඩැහැගැනීමට වඩා නවෝත්පාදනයන් මූලික කර ගත් සමාජවාදී ක්‍රමයක් ඔස්සේ ආර්ථික දියුණුව කරා ගමන් කිරීමට ඇති හැකියාව ප්‍රයෝජනයට ගතයුතු ව ඇතැයි ද හෙට්ටිආරච්චි මහතා පවසයි.

අභියෝගයන්ට මුහුණ දෙමින් චීනය නැගී සිටි ආකාරය ලෝකයේ රටවල් පුළුල්ව විග්‍රහ කර බැලිය යුතුය. සමාජවාදී ප්‍රවේශය තුළ නවීකරණය වෙමින් දියුණුව කරා යොමුවීමට චීනය තැබූ  නව පියවර සමස්ත ආසියානු කලාපයේම සංවර්ධනයට යහපත් ප්‍රතිලාභ ජනිත කරනු ඇත. ජනාධිපති ෂී ජින්පිං මහතාගේ දැක්ම අනුව උසස් තත්වයේ සංවර්ධනයක් නව සමාජවාදී ක්‍රමය තුළ යථාවත් කරගැනීමට ශක්තිය ලැබේවා යි සුබ පැතුම් එක් කරන බව ද ශ්‍රී ලංකා වාණිජ නීතිගත සංස්ථාවේ විධායක අධ්‍යක්ෂ දුලාන් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම