චීන-ලාඕස දුම්රිය මාර්ගය චීනය ආසියාන් රටවල් සමග පවත්වන සබඳතා පිළිබඳ ආදර්ශන ව්‍යාපෘතියක්
2022-11-07 20:28:49
Share with:

චීන-ලාඕස දුම්රිය මාර්ගය, චීනය ආසියාන් රටවල් සමග එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ඉහළ මට්ටමේ සංවර්ධන සහයෝගිතා පැවැත්වීම පිළිබඳ මනා නිදසුනක් බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා අද (7) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේ ය. මේ වන විට චීන-ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ, ලාඕසය හා වියට්නාමය ඇතුළු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අදාළ රටවල් 10කට වැඩි සංඛ්‍යාවක් ආවරණය කරමින් භාණ්ඩ ටොන් 98 ලක්ෂ 60 දහසක් හා මගීන් ලක්ෂ 75ක් ප්‍රවාහනය කර තිබේ. එම දුම්රිය මාර්ගයෙන් අදාළ රටවල ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා විශාල වශයෙන් සපුරාගෙන ඇත.

චීන-ලාඕස දුම්රිය මාර්ගය මගින් ඉදිරියේදී අදාළ රටවල් සමග වඩාත් සහයෝගයෙන් කටයුතු කරමින්, එම රටවල ජනතාවට තවදුරටත් සුබසෙත සැලසීම චීනයේ අපේක්ෂාව බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය.

 

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම