චීන-සිංගප්පූරු සහයෝගිතා සේවා වෙළඳ නවෝත්පාදන සංසදය චීනයේ දී
2022-11-07 09:56:03
Share with:

5 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදයේ "විවෘත කිරීම සහ බෙදාගැනීම" පිළිබඳ ශාඛාවක් වන චීන-සිංගප්පූරු සහයෝගිතා සේවා වෙළඳ නවෝත්පාදන සංසදය පැවැත්වෙයි. එය,  චීනයේ Jiangsu පළාතේ Suzhou නගරයේ දී ඊයේ (6) පැවැත්විණ. සේවා වෙළඳාම යන අංශය වෙනුවෙන් පැවැත්වෙන එකම ශාඛා සංසදය මෙය වීම විශේෂත්වයකි.

මෙවර ශාඛා සංසදයේ තේමාව වන්නේ "ඩිජිටල්කරණය යනු ගෝලීය සේවා වෙළඳාමේ නව ගතිකත්වය" යන්නයි. සේවා වෙළඳාමේ උසස් තත්ත්වයේ සංවර්ධනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රවීණයෝ, විද්වත්හු සහ ව්‍යවසායක නියෝජිතයෝ එහිදී නවීන මාතෘකා පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැත්වූහ. නියමු නිදහස් වෙළඳ කලාපය ඉදිකිරීම, චීන-සිංගප්පූරු ඩිජිටල් වෙළඳ සහයෝගිතාව, සේවා කර්මාන්තය විවෘත කිරීම සහ දේශසීමා දත්ත ප්‍රවාහය වැනි වැනි කරුණු කෙරෙහි එහිදී අවධානය යොමුවිය.

මූලස්ථාන ආර්ථිකය, ජාත්‍යන්තර වෙළඳාම, ජාත්‍යන්තර සැපයුම්, හරිත ආර්ථිකය, මූල්‍ය ආයෝජන, වෛද්‍ය හා සෞඛ්‍ය සේවා මෙන්ම වෙනත් ක්ෂේත්‍ර ද ඇතුළත් චීන-සිංගප්පූරු සහයෝගිතාව, කාර්මික නවෝත්පාදන පොකුරු සහ ඒකාබද්ධ ව්‍යාපෘති ගණනාවක් සඳහා ගිවිසුම් එම ශාඛා සංසදයේදී අත්සන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම