2 වැනි ලෝක උණ හා වේවැල් සමුළුව වෙත චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-07 19:02:32
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර උණ හා වේවැල් සම්පත් පිළිබඳ සංවිධානය ගොඩනැගීමේ 25 වැනි සංවත්සරය සහ 2 වැනි ලෝක උණ හා වේවැල් සමුළුව වෙත එම සුබ පැතුම් පිරිනමයි. එම පණිවුඩය අද(7) නිකුත් කෙරිණ.  

ජාත්‍යන්තර උණ හා වේවැල් සංවිධානය එම සම්පත් ආරක්ෂා කිරීම, සංවර්ධනය හා ප්‍රයෝජනයට ගැනීමේ දී දැඩි සැලකිල්ලෙන් ක්‍රියාකරන බව ෂී ජින් පිං මහතා කියාසිටී. චීන රජය, එම සංවිධානය සමග එක්ව ප්ලාස්ටික් වෙනුවට උණ බම්බු භාවිත කිරීමේ යෝජනාව ඉදිරිපත් කර ඇත. බොහෝ රටවල ප්ලාස්ටික් මගින් සිදුවන පරිසර දූෂණය පිටුදැකීම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණයි.

ජෛව ශිෂ්ටාචාරය ගොඩනැගීම උදෙසා විවිධ පාර්ශ්ව සමග එක්ව, අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු මෙන්ම සුන්දර පරිසරයක් නිර්මාණය කිරීම චීනයේ අපේක්ෂාව බව ද ෂී ජින් පිං මහතා අවධාරණය ක‍රයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම