තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනයේ වැදගත්කම චීනය පෙන්වා දෙයි
2022-11-07 19:13:00
Share with:

තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනයේ වැදගත්කම චීනය අවධාරණය කරයි.

එම සම්මේලනය මේ දිනවල චීනයේ වු හැන් හා ස්විට්සර්ලන්තයේ ජිනිවා යන නගර දෙකේ දී  පැවැත්වේ. ඊයේ ( 6) එම සම්මේලනයෙන් සම්මත වූ “ වු හැන් ප්‍රකාශනය”තෙත්බිම් ආරක්ෂාව පිළිබඳව විවිධ පාර්ශ්වයන්ගේ අභිලාෂ එක් කරන වැදගත් ලියවිල්ලක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලී චියෙන් මහතා අද (7) බෙයිජිං හි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී කියා සිටියේ ය. චීනය තෙත්බිම් සම්මුතියට එක් ව වසර 30ක් ගත වී තිබේ. තෙත්බිම් ආරක්ෂාව වෙනුවෙන් චීනය ප්‍රබල නායකත්වයක් ප්‍රදර්ශනය කර ඇතැයි තෙත්බිම් සම්මුතියේ මහලේකම්වරයා පසුගිය දා ප්‍රකාශ කර ඇත. මෙවර සම්මේලනය මූලික කරගනිමින් වෙනත් රටවල් සමග එක්ව තෙත්බිම් ආරක්ෂාව තවදුරටත් ඉදිරියට ගෙන යාමට චීනය කටයුතු කරන බව චාඕ ලී චියෙන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම