5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ජාත්‍යන්තර ගිවිසුම් රැසකට අත්සන් තැබේ
2022-11-07 18:56:38
Share with:

ෂැංහයි හි පැවැත්වෙන 5 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ දී ජාත්‍යන්තර සමාගම් රැසක් චීන ව්‍යවසායන් සමග ගිවිසුම් අත්සන් තබයි.  ඊයේ(6) දිනයේ සිට ගිවිසුම් විශාල සංඛ්‍යාවක් අත්සන් තැබුණු අතර, විවිධ ව්‍යවසායකයන් චීන සහයෝගිතා සඳහා කැමැත්ත පළ කර තිබේ.

මෙහිදී චීනයේ NORINCO සමාගම් සමූහය සමග සෞදි අරාබිය, ස්විට්සර්ලන්තය, ජපානය ඇතුළු රටවල් 15ක සමාගම් චීන යුවාන් බිලියන 33ක වටිනාකමෙන් යුතු ගිවිසුම් 16කට අත්සන් තැබීම විශේෂත්වයකි.

චීනයේ SINOMACH සමාගම සමග ලොව පැරණි හා නව හවුල්කාරී සමාගම් රැසක් තාක්ෂණික උපකරණ, හරිත බලශක්ති පිරිමැසුම් ඇතුළු ක්ෂේත්‍රයන්ට සම්බන්ධ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. මෙම ගිවිසුම්වල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවයි.

එමෙන්ම මෙවර ප්‍රදර්ශනයට එක් වන ප්‍රදර්ශකයන්ගේ සංගමය පැවැත්වූ සම්මේලනයේ දී, සාමාජිකයන් 60 දෙනෙකු ගිවිසුමට අත්සන් තබමින් ලබන වසරේ චීන ආනයන ප්‍රදර්ශනයේ කුටි වෙන් කරගැනීම ද කැපීපෙනේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම