දෙපාර්තමේන්තු කිහිපයක පවතින පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන්ට අවස්ථා
2022-11-07 19:16:54
Share with:

රේගු, සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල පුරප්පාඩු සඳහා දැනට රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බඳවා ගැනීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල නිලධාරීන් සමග ආයතනික ගැටලු සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

අදාළ දෙපාර්තමේන්තුවල සේවා ව්‍යවස්ථා උල්ලංඝනය නොවන පරිදි කැබිනට් මණ්ඩලයේ සහ රාජ්‍යසේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව පවත්වන තරග විභාගයකින් මෙම බඳවා ගැනීම් සිදුකිරීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ දැනට පුරප්පාඩු 773 ක් පවතී. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු සංඛ්‍යාව 434 කි. සුරාබදු දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 331 ක් පවතී. විශ්‍රාමයාමේ වයස අවුරුදු 65 සිට 60 දක්වා අඩුකිරීමත් සමග ලබන මස 31 වැනිදා එම ආයතනවල තවත් නිලධාරීන් පිරිසක් විශ්‍රාමයාමට නියමිත ය. පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයට අලුතින් පත්වීම් ලබා නොදෙන අතර දැනට රාජ්‍ය සේවයේ සිටින දක්‍ෂ උපාධිධාරීන් සදහා එම අවස්ථාව ලබාදීම රජයේ අරමුණයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම