මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට
2022-11-06 15:15:01
Share with:

මෙරට මුහුදු සීමාවේ අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඉන්දීය ධීවරයින් 15 දෙනෙකු සමග ට්‍රෝලර් යාත්‍රා දෙකක් නාවික හමුදාව විසින් තලෙයිමන්නාරම මුහුදු සීමාවේදී සිය භාරයට ගෙන ඇත.

 (05) දා සවස් කාලයේ දී මෙම ඉන්දීය ධීවරයින් පිරිස සිය භාරයට ගත් බව නාවික හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙම ඉන්දීය ධීවර යාත්‍රා දෙක සහ එහි සිටි ඉන්දීය ධීවරයින් පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන්ව මන්නාරම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම