ජර්මනිය සමඟ එක්ව දෙරටේ සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනයේ කැමැත්ත
2022-11-06 15:43:01
Share with:

ජර්මනිය සමඟ එක්ව දෙරට අතර ඓතිහාසික මිත්‍ර සහයෝගිතා තහවුරු කොට ප්‍රායෝගික සහබඳාතව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය 4වැනිදා බෙයිජිංහි නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ජර්මානු චාන්සලර් Olaf Scholz මහතා හමු විය. එම හමුවේදී දෙපාර්ශ්වය  ප්‍රකාශ කළේ දෙරට සබඳතාව සම්පූර්ණයෙන් තහවුරු කොට සංවර්ධනය කිරීමට පොදුවේ උත්සාහ දරනු ඇති බවයි.

Olaf Scholz මහතා,  චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනයේ සංචාරය කළ පළමු යුරෝපීය නායකයා ය. ඔහු ජර්මානු චාන්සලර්වරයා ලෙස තේරී පත්වීමෙන් පසු සිදුකළ පළමු චීන සංචාරය ද මෙයයි. මෙම වසර චීනය සහ ජර්මනිය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සර වසරයි.

ගෙවී ගිය වසර 50 තුළ ආර්ථික හා වෙළඳ සහයෝගිතාව ද්විපාර්ශ්වික සබඳතාවේ ස්ථාවරත්වය සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කොට තිබේ. සංඛ්‍යාලේඛනයකට අනුව, චීනය අඛණ්ඩව වසර හයක් ජර්මනියේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර ජර්මනිය අඛණ්ඩව වසර 47 ක් චීනයේ විශාලතම යුරෝපා වෙළඳ හවුල්කරුවා බවට පත් ව තිබේ. මෙවර Scholz මහතාගේ චීන සංචාරයට ජර්මානු දැවැන්ත සමාගම් 12ක නියෝජිතයෝ ද පැමිණ සිටියහ. ඔවුහූ, චීනයට පැමිණීමට ඉල්ලුම් කර ඇති ජර්මානු සමාගම් 100 කට වැඩි ගණනක නියෝජිතයෝ වෙති. නිෂ්පාදන, රසායනික, වෛද්‍ය හා ඖෂධ සහ ආහාර යනාදී කර්මාන්ත එම සමාගම්වලට අයත් වේ. ජර්මානු පාර්ශ්වය චීන වෙළඳපොළ සහ චීනයේ ඇති අවස්ථාවන් වැදගත් කොට සලකන බව ඉන් පෙන්නුම් කෙරේ.

දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වැනි සංවත්සරය ප්‍රයෝජනයට ගනිමින්, ජර්මනිය සමඟ එක්ව ඓතිහාසික මිත්‍ර සහයෝගිතා සබඳතාව තහවුරු කොට ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට චීනය කැමැත්තෙන් සිටී. මෙය දෙරටට හා දෙරට ජනතාවට පමණක් නොව, යුරෝපයට හා ලෝකයටම ප්‍රතිලාභ ලබා ගෙන දෙනු ඇත.‍‍

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම