5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ චීන ජනපති ගේ දේශනය ජාත්‍යන්තරයේ පැසසුමට
2022-11-06 15:28:38
Share with:

5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වීඩියෝ ආකාරයෙන් පැවැත්වූ දේශනය ජාත්‍යන්තරයේ පැසසුමට ලක් වෙයි. ‘ වීවෘත හා සමෘද්ධිමත් සුන්දර අනාගතයක් පොදුවේ නිර්මාණය කරන්නෙමු ’ යන්න එම දේශනයේ තේමාව විය.

ජපානයේ Panasonic සමාගම 1987 වසරේ චීනයේ හවුල් ව්‍යාපාරයක් ස්ථාපිත කළ සමාගමකි. අඛණ්ඩ ව පස් වතාවක් එම සමාගම චීන ජාත්‍යන්තර ආයනය ප්‍රදර්ශයට එක්වී ඇත. සමාගමේ ගෝලීය උප සභාපති Homma Tetsuro මහතා පැවසුවේ ෂී ජින් පිං මහතා ගේ එම දේශනයට ඵලදායී තොරතුරු රැසක් අන්තර් ගතවූ බවයි. විවෘතභාවයේ අඛණ්ඩ ව එල්බ සිටින චීනය, ගුණාත්මක සංවර්ධනය තහවුරු කිරීම විදේශ ව්‍යවසායී සාමාජිකයෙකු වන තමා ප්‍රබෝධවත් කරන්නක් බව ‍ඔහු සඳහන් කරයි.

මේ අතර, තුර්කියේ විදේශ ආර්ථික සබඳතා කවුන්සිලයේ තුර්කි ආසියා-පැසිෆික් කවුන්සිලයේ සභාපති Murat Kolbasi මහතා ද පස් වතාවක් ආනයන ප්‍රදර්ශනයට එක්ව ඇති විද්වතෙකි. ඔහු පවසන්නේ චීනය තුර්කියේ ප්‍රදර්ශකයන්ට සහනශීලී පියවර රැසක් සපයා දී ඇති බවයි. ප්‍රදර්ශනය පැවැත්වීම අතරතුර අලෙවි කෙරෙන ඇතැම් භාණ්ඩ වෙනුවෙන් තීරු බදු, අගය එකතු කළ බදු හා පාරිභෝගික බදු අය නොකිරීම ඊට ඇතුළත් ය. එසේ ම, තම රටේ ප්‍රදර්ශකයන්ට  කඩිනම් වීසා  පහසුකම් සලසා දීම ද ඊට අයත් වන බව ඔහු කියාසිටී.



ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම