තෙත් බිම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව චීනය සිය පිළිතුරු සපයයි
2022-11-06 19:31:43
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා  ඊයේ (5) වුහාන් හි පැවති තෙත්බිම් සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ 14 වැනි සැසිවාරයේ සමාරම්භක උත්සවයට වීඩියෝ මගින් සහභාගී වී දේශනයක් පැවැත්වීය. තෙත්බිම් ආරක්ෂාව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා අවබෝධය ගැඹුරු කර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව හෙතෙම එහිදී පැවසීය. මානව වර්ගයාගේ දෘෂ්ටිකෝණයෙන් තෙත්බිම් ආරක්‍ෂාව පිළිබඳ යෝජනා තුනක් ඉදිරිපත් කළ  ෂී ජින්පිං මහතා ගෝලීය තෙත්බිම් ආරක්‍ෂාව සඳහා පැහැදිලි සැලැස්මක් ඉදිරිපත් කරමින් චීනය අනාගතයේදී ගන්නා ප්‍රායෝගික ක්‍රියාමාර්ග ප්‍රකාශ කළේය.

තෙත්බිම් පිළිබඳ සම්මුතියට චීනය සම්බන්ධ වී මෙම වසරට  වසර 30ක් සපිරේ . මෙම සමුළුවේදී නව "ජාත්‍යන්තර තෙත්බිම් නගර" 25ක් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරේ. මේ වන විට ලෝකයේ "ජාත්‍යන්තර තෙත්බිම් නගර" 43 න් 13 ක්ම චීනයේ පවතින අතර එය ලෝකයේ පළමු ස්ථානයට පත්ව තිබේ. මෙය වසර ගණනාවක් පුරා පාරිසරික ආරක්ෂාව සඳහා චීනයේ අඛණ්ඩ ආයෝජනය සහ තෙත්බිම් පරිසර විද්‍යාව අඛණ්ඩව වැඩිදියුණු කිරීම පිළිබඳ පූර්ණ පිළිගැනීමකි.

අනාගතයේ දී තෙත්බිම් ආරක්‍ෂාව ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ නිශ්චිත ක්‍රියාමාර්ග ෂී ජින්පිං  ජනාධිපතිවරයා සිය දේශනයෙදී  හඳුන්වා දුන්නේය. ජාතික වනෝද්‍යාන ගණනාවක් පිහිටුවීම, තෙත්බිම් හෙක්ටාර් මිලියන 11ක් පමණ ජාතික වනෝද්‍යාන පද්ධතියට ඇතුළත් කිරීම, ජාතික තෙත්බිම් ආරක්ෂණ සැලැස්ම සහ ප්‍රධාන තෙත්බිම් ආරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එම නිශ්චිත ක්‍රියාමාර්ග වෙයි. මෙම විධිවිධාන සහ සැලසුම් මගින් පෙන්නුම් කෙරෙන්නේ චීනය නව ගමනකට පිවිසෙන විට, මිනිසා සහ සොබාදහම අතර සුහද සහජීවනය නවීකරණය කිරීම සහ තෙත්බිම් ආරක්ෂණයේ උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අඛණ්ඩව සිදු කරනු ඇති බවයි.  

මහා සෞන්දර්යෙන් සපිරි තෙත් බිම් අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කරන්නේ කෙසේද? චීන උපදේශනය සහ චීන ක්‍රියාව ඊ‍ට පිළිතුරු සපයයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම