ඩෙංගු අධි අවදානම් කලාප 21 ක් හඳුනා ගැනේ
2022-11-06 15:20:46
Share with:

දිවයිනේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 21 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඉන් කොට්ඨාස 9 ක ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල යමින් පවතී. පිළියන්දල හාරිස්පත්තුව උකුවෙල බදුල්ල කෑගල්ල සහ මාවනැල්ල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අධි අවදානම් කලාප ලෙස අලුතින් හඳුනාගෙන ඇත. මේ වසරේ ගතවු මාස 10 තුලදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා විය. මේ වසරේ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 62 දහස් 435 දෙනෙකු හඳුනාගෙන ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම