Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය බෙයිජිංහි දී
2022-11-06 15:53:43
Share with:

5වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීව 5වැනි Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වේ.

"චීනයේ සංවර්ධනය සඳහා නව සැලැස්ම සහ ගෝලීය සංවර්ධනය සඳහා නව අවස්ථා" පිළිබඳ එම සංසදයේ ශාඛාවක් ඊයේ(5) බෙයිජිංහි දී පැවැත්විණ. චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන කාර්යාංශ සාමාජික සහ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ Li Shulei මහතා එම සංසදය අමතමින් දේශනයක් පැවැත්වීය.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙවර ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේදී පැවැත්වූ වැදගත් දේශනය, විවෘතභාවය පුළුල් කරමින් අඛණ්ඩව පවත්වා ගැනීමේ චීනයේ සංකල්පය ප්‍රකාශ කරමින්, ලෝකය සමඟ සංවර්ධන අවස්ථා බෙදාගැනීමේ චීනයේ අවංකභාවය සම්පූර්ණයෙන්ම ප්‍රකාශ කර ඇති බව Li Shulei මහතා එහිදී පෙන්වා දී තිබේ.

රටවල් හා කලාප 60කට ආසන්න සංඛ්‍යාවක දෙස් විදෙස් නියෝජිතයෝ 200කට වැඩි පිරිසක් මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් ඊට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම