පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමට ජාතික කමිටුවක්
2022-11-06 15:19:18
Share with:

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන ආයතන සඳහාවූ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුව පත් කරයි. එම පත්කිරීමට අදාළ ගැසට් නිවේදනයද නිකුත් කර ඇත.

මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සභාපතීත්වයෙන් යුතු එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ සිටින්නේ  ජයලත් දිසානායක, ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරි, කේ. තවලිංගම් සහ අයි.ඒ හමීඩ් යන මහත්ම  මහත්මීන්ය.කමිටුවේ කටයුතු නොවැම්බර් මස පළමුවැනිදා සිට ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම