විවෘත චීනයක් ලෝකය සමඟ ප්‍රධාන අවස්ථා තුනක් බෙදා ගනී
2022-11-06 15:17:29
Share with:

 ජනපති ෂී ජින්පිං පෙරේදා (4) රාත්‍රියේ ෂැංහයි හි පස්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය වීඩියෝ ආකාර‍යෙන් අමතමින් චීනය, සියලු රටවල් අතර අවස්ථා බෙදාගැනීම ප්‍රවර්ධනය කරන බව අවධාරණය කළේය. බොහෝ ප්‍රදර්ශකයින් කියා සිටියේ ජනාධිපතිවරයාගේ දේශනය හෘදයාංගම බවත් ඉහළ මට්ටමේ විවෘත කිරීම් පුළුල් කිරීමට සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට චීනයේ දැඩි අධිෂ්ඨානය ප්‍රකාශ වූ බවත්ය.

වසර පහකට පෙර, චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය පැවැත්වීමේ හේතුව,  චීනයේ විශාල වෙළඳපොළපුළුල් ලෙස විවෘත ක‍ර ලෝකයට විශිෂ්ට අවස්ථාවක් බවට පත් කිරීම ය.

සංඛ්‍යාලේඛනවලට අනුව, මෙතෙක් පැවති  ප්‍රදර්ශන වාර 4 තුළ දී  චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය විසින් ප්‍රදර්ශන භාණ්ඩ 2ලක්ෂ 70දාහක් හඳුන්වා දෙනු ලැබූ අතර, ඒවායේ අභිප්‍රායි වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 270 කට වඩා ළඟා විය.එමෙන්ම නව නිෂ්පාදන, නව තාක්ෂණයන් සහ නව සේවාවන් 1,500 කට වඩා වැඩි ප්‍රමාණයක් ද එළිදැක්විණ. චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය නව සංවර්ධන රටාවක් ගොඩනැගීමට චීනයට කවුළුවක්, ඉහළ මට්ටමේ විවෘත කිරීම් සඳහා වේදිකාවක් සහ ලෝකය විසින් බෙදාගන්නා ජාත්‍යන්තර පොදු නිෂ්පාදිතයක් බවට පත්ව තිබේ.

චීන කොමියුනිස්ථ පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසු චීනයේ පැවැත්වෙන පළමු ප්‍රධාන ජාත්‍යන්තර ප්‍රදර්ශනය වන එම ආනයන ප්‍රදර්ශනය සඳහා රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 145 ක් සහභාගී වෙමින් සිටී.

චීනයේ විශාල වෙළෙඳපොළ, ආයතනික විවෘත කිරීම් සහ ජාත්‍යන්තර සහයෝගීතාව ගැඹුරු කිරීමේ අවස්ථා බෙදාහදා ගැනීමට චීනය සියලු රටවල් දිරිමත් කරන බව චීන ජනාධිපතිවරයා සිය දේශනයේදී පෙන්වා දුන්නේය. විශ්ලේෂකයින් පෙන්වා දුන්නේ "අවස්ථා තුන" යථාර්ථයක් බවට පත්කර ගැනීමට අරගල කරන ලෝක ආර්ථිකයට ධනාත්මක ශක්තියක් ඉන්  සපයනු ඇති බවයි.


ගුවන් විදුලිය
20230603සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම