අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ජනතාවට අවස්ථාව
2022-11-05 17:33:17
Share with:

රජයේ නිලධාරීන්ගේ අල්ලස් සහ දුෂණ ක්‍රියා ඇත්නම් ඒ සම්බන්ධයෙන්  පැමිණිලි කිරීමේ අවස්ථාව දැන් ජනතාවට හිමි ව තිබේ.  1905 කෙටි දුරකථන අංකය ඒ සඳහා විවෘතව පවතින බව ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දෙයි.

 රජයේ කාර්යාලවල සේවකයන්ගේ අල්ලස් ගැනීම් හෝ වෙනත් අක්‍රමිකතා සම්බන්ධයෙන් එම දුරකථන අංකය අමතා පැමිණිලි කළ හැකිය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විමර්ශන අංශය වෙත භාෂා ත්‍රිත්වයෙන්ම එම පැමිණිලි යොමුකිරීමට අවස්ථාව පවතී.

එසේම, රාජ්‍ය ආයතන පළාත් සභා ආයතන හා පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයන් හෝ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳව 1954 කෙටි දුරකථන අංකයෙන් අල්ලස් කොමිසමට දැනුම් දිය හැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම