වෙළඳ ආයෝජන හා සහයෝගිතා තහවුරු කිරීමේ වැදගත් ගෝලීය වේදිකාවක් ලෙස චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ජගත් පැසසුම්
2022-11-05 16:59:09
Share with:

වෙළඳ ආයෝජන හා ජගත් සහයෝගිතා තහවුරු කිරීමේ වැදගත් ගෝලීය වේදිකාවක් ලෙස, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය අන්තර්ජාතික තලයේ පැසසුමට ලක්වෙයි.

එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Gerd Müller මහතා ඊයේ(04) පැවති 5වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයේ දී වීඩියෝ ආකාරයෙන් දේශනයක් පවත්වමින් මේ බව පැවසීය.

2018 වසරේ ප්‍රථම චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයේ සිටම කාර්මික සංවර්ධන සංවිධානය මෙහි වැදගත් හවුල්කරුවෙකි. එසේම මෙම ආනයන ප්‍රදර්ශනය, කාර්මික සංවර්ධන සංවිධානයේ අරමුණු සමග මැනැවින් සමපාත වෙයි. ගෝලීය හවුල්කාරීත්වය හා අන්තර්ජාතික සහයෝගිතා ඉදිරියට මෙහෙයවීම එහි ඉලක්කයන් වන අතර සාධාරණ වෙළඳාම ද සහතික කෙරේ. චීනය සමග එක්ව පොදු ප්‍රයත්න ඔස්සේ ගෝලීය සංවර්ධනය තහවුරු කරමින් ලෝකයට සුබසෙත සැලසීම කාර්මික සංවර්ධන සංවිධාන‍යේ අපේක්ෂාව බව ද එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම