තෙත් බිම් සම්මුති පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනයට චීන ජනපතිගෙන් දේශනයක්
2022-11-05 19:18:37
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තෙත් බිම් සම්මුති පාර්ශ්වකරුවන්ගේ 14වැනි සම්මේලනයේ සමාරම්භක උත්සවය අමතයි.  අද (5) පස්වරුවේ චීනයේ වූහන් නගරයේ පැවති උළෙලේ දී ජනාධිපතිවරයාගේ දේශනය  වීඩියෝ ආකාරයෙන් ඉදිරිපත් කෙරිණ.

“තෙත්බිම් අගය කොට අනාගතය සඳහා රැකගනිමින් ඒවායේ ආරක්ෂාව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය” එහි ප්‍රධාන තේමාවයි.

පුළුල් අවබෝධය සහ  සහයෝගිතා ශක්තිමත් කරමින් තෙත්බිම් ආරක්ෂාව පිළිබඳ ගෝලීය ක්‍රියාමාර්ග පොදුවේ ප්‍රවර්ධනය කළ යුතු බව ෂී ජින් පිං මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

චීනය තෙත්බිම් සංරක්ෂණය සම්බන්ධයෙන් ඓතිහාසික ජයග්‍රහණ ලබා ඇති අතර, ආරක්ෂණ පද්ධතියක් ද ස්ථාපිත කරමින් තෙත්බිම් ආරක්ෂණ නීතිය ප්‍රකාශයට පත් කර ඇත. චීනය, ජාත්‍යන්තර හුවමාරු සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කොට Shenzhen හි "ජාත්‍යන්තර කඩොලාන මධ්‍යස්ථානයක්" පිහිටුවා, ගෝලීය වෙරළබඩ සංසදය පැවැත්වීමට සහාය වන බව ද  ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම