චීනයේ නව සංවර්ධනයෙන් අප්‍රිකාවට පුළුල් අවස්ථා
2022-11-05 15:15:22
Share with:

නවයුගයේ දී චීන-ටැන්සානියානු සබඳතාවල මනා වර්ධනය දෙරටේ පොදු සහ දිගුකාලීන අවශ්‍යතා සඳහා පමණක් නොව, පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු ප්‍රජාවක් ගොඩනැගීම සඳහා ද ඉතා වැදගත් වන බව  චීන ජනපති ෂී ජින් පිං මහතා පෙන්වා දී තිබේ. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, චීනයේ නිල  සංචාරයක් සඳහා පැමිණි ටැන්සානියානු ජනපතිනි Samia Suluhu Hassan මහත්මිය ඉකුත් 3 වැනිදා හමුවු ‍අවස්ථාවේ දී ය. චීන-ටැන්සානියානු සබඳතා පුළුල් උපායමාර්ගික සහයෝගිතා හවුල්කාරිත්වයක් දක්වා උසස් කරන බව, නිවේදනය කළ රාජ්‍ය නායක දෙපළ, ඉහළ මට්ටමේ හුවමාරු හා සංවාදයන් හි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම මෙන්ම ආර්ථික හා වෙළඳ සහයෝගිතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් වැදගත් එකඟතාවයකට ද පැමිණියහ. දෙපාර්ශවය විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කෙරුණු අතර, සහයෝගිතා ලේඛන කිහිපයකට ද අත්සන් තැබිණ. නවයුගයේ චීන-ටැන්සානියානු සහ චීන-අප්‍රිකානු සහයෝගිතාවන්ට මනා ජවයක් සැපයීම එමගින් සටහන් කෙරිණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයෙන් පසුව චීනය පිළිගත් පළමු අප්‍රිකානු රාජ්‍ය නායකයා Samia Suluhu Hassan මහත්මිය යි. චීන-ටැන්සානියානු සබඳතාවල සමීපත්වය මෙයින් මනාව පිළිබිඹු වේ. සාකච්ඡා අතරතුර, එම රාජ්‍ය නායකයින් දෙදෙනා එකිනෙකාගේ මූලික අවශ්‍යතා සහ ප්‍රමුඛ අවධානය යොමුවන ගැටළු සම්බන්ධයෙන් අන්‍යොන්‍ය සහයෝගය පැහැදිලිව ප්‍රකාශ කළහ. මෙය චීන-ටැන්සානියානු සම්ප්‍රදායික මිත්‍රත්වයේ සහ ඉහළ දේශපාලන විශ්වාසයේ සැබෑ පිළිබිඹුවකි.

චීනය ලොව විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට වන අතර අප්‍රිකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩිම සංඛ්‍යාවක් සහිත මහාද්වීපයයි. චීනය සහ අප්‍රිකාව අතර සමීප සහයෝගිතාව දෙපාර්ශවයේම මූලික අවශ්‍යතා ඉටු කරනවා පමණක් නොව, ලෝක සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කිරීම සහ ගෝලීය තිරසර සංවර්ධනය සඳහා ද ඉතා වැදගත් වේ.

නවයුගයේ පොදු ඉරණමක් සහිත ශක්තිමත් චීන-අප්‍රිකානු ප්‍රජාව ලෝක සාමයට සහ සංවර්ධනයට ඉහළ ධනාත්මක ශක්තියකින් යුතුව දායක වනු ඇත.

 

          

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම