ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර සම්බන්ධතා තර කිරීමට පියවර
2022-11-05 17:05:57
Share with:

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර වෙළඳ, ආර්ථික හා ආයෝජන සම්බන්ධතා ශක්තිමත් කිරීමට පියවර ගැනේ.

මේ පිළිබඳව අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ මෙරට පකිස්තාන මහකොමසාරිස් මේජර් ජනරාල් උමර් ෆරූක් බර්කි යන මහත්වරුන් අතර සාකච්ඡාවක් වෙළඳ අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම යටතේ සිදුකෙරෙන අපනයන වැඩි කිරීමට සහ ඉන් බදු සහන ලබා නොදුන් භාණ්ඩ 65 ක් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර වෙළඳ, ආර්ථික හා සංචාරක ක්ෂේත්‍රවල සම්බන්ධතා පුළුල් කිරීම කෙරෙහි ද දෙපාර්ශ්වයේ අවධානය යොමු ව තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම