පස් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2022-11-04 09:19:49
Share with:


පස් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ ඊට සමගාමී ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාව ඇරඹේ. සමාරම්භක උළෙල ශැංහයි නගරයේ දී  අද (4) පැවැත්වේ.

අන්තර්ජාතික ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් මනා පූර්ව සූදානමකින් යුතුව  ප්‍රදර්ශනය සඳහා සක්‍රියව සහභාගි වී සිටිති. 

සේවා වෙළඳ කලාපයේ, උපදේශන සේවා, භාණ්ඩ ප්‍රවාහන සේවා, ජාත්‍යන්තර ශීඝ්‍රගාමී ප්‍රවාහන සේවා සහ සැපයුම් දාමය යනාදී ක්ෂේත්‍රයන්හි ප්‍රබල ව්‍යාපාර රැසක් මීට එක්ව සිටී.  ලෝක බලවත්ම ව්‍යාපාර 500  හැරුණු විට, සංවර්ධනය වෙමින් පවතින රටවල මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහාත් මෙවර ප්‍රදර්ශනයේ අවස්ථා සලසා දී තිබීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම