මෙරට දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය පිළිබඳ ජනාධිපතිවරයා ගෙන් කථානායකවරයාට ලිපියක්
2022-11-04 15:08:35
Share with:

මෙරට දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීමේදී සතුටුදායක ප්‍රගතියක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවට නොහැකි වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දෙයි.

අදාළ යෝජනා අතුරින් මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ ජාතික සභාව පිහිටුවීම පමණක් බව ජනාධිපතිවරයා විසින් ඊයේ (03) යොමු කර  ඇති මෙම ලිඛිත දැනුම් දීමෙන් පෙන්වා දී තිබේ.

මෙරට දිගු කාලීන ක්‍රමික වෙනස්කම් ඇති කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ යෝජනා අතර, බැංකු කටයුතු සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, ආර්ථිකය ස්ථායීකරණය පිළිබද කාරක සභාව, සහ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව යනුවෙන් වූ රාජ්‍ය මූල්‍ය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභා පත් කිරීමට යෝජනා වුවත් එය මෙතෙක් සිදුව නැති බව ජනාධිපතිවරයා සඳහන් කර තිබේ .

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම